බිරිඳ විසින් සිය සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඝාතනය කරයි
වැලිගම, බටවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී පසුගිය (20) වනදා අළුයම බිරිඳ විසින් සිය සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඔහු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වල්ගම වෙල්ලාලගේ අරුණ ප්‍රියශාන්ත නමැති 50 හැවිරිදි සිව්දරු පියෙක්.
අදාළ සිදුවීමෙන් අනතුරුව එම කාන්තාව සිය බාල දරුවන් දෙදෙනා සමග නිවසින් පළාගොස් ඇති බව වැලිගම පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නිවසේ නිතරම පවුල් ආරවුල් ඇති වන අතර දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මියගිය පුද්ගලයාගේ සහෝදරයාගේ නිවසේ ජීවත්වන බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව විසින් තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට පෙර දින ඔහු විසින් තමන්ට පහරදීම සිදු කළ බව දන්වා වැලිගම පොලිසියට පැමිණිල්ලක් ද දමා ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය සිදු කරනවා.