Latest News

පාස්පෝට් පෝලිමක රැඳී සිටි ගැබිණි මවකට දරු ප්‍රසූතියක්

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකට අද අලුයම (7) බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳි සිටියදී දරු ප්‍රසූතියක් සිදුව තිබෙනවා.

යුද හමුදා සෙබළුන් විසින් ඇයව කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ වන විටත් ඇයට දරුවා ප්‍රසූත වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට දරුවා සහ මව සුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.