Latest News

ඉන්දීය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (23) පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.

මෙහිදී තරඟ 3කින් සමන්විත මෙම තරඟාවලිය ගාස්තු අයකිරීමකින් තොරව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය ද නොමිලේ නැරඹීමට අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමිවෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.