Latest News

ඥාති සොහොයුරෙකුගේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

අද (15) උදෑසන නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කැලයේ සැඟවී සිටි ඇයගේ මස්සිනා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.

සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.