Latest News

කැලෑවක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනෙයි

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක් හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

උස අඩි 05යි අඟල් 09ක් පමණ වන මෙම කාන්තාව අවුරුදු 55ත් 60ත් අතර වයයේ පසුවන බව පොලිසිය සඳහන් කළා.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇත.

අදාළ කාන්තාව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

හොරොව්පතාන පොලිසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.