නිවසක තනිව ජිවත් වූ කාන්තාවක් ඝාතනය කෙරේ
කටුගස්තොට, උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවකගේ ගෙළ සිර කර ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 76 හැවිරිදි කාන්තාවක්.
අදාළ කාන්තාවගේ අත් පා බැඳ දමා මුඛයට රෙදි කැබැල්ලක් දමා ගෙළා සිර කර ඇති අතර ඇය පැළඳ සිටි රු 32,500ක් වටිනා රන් මාලය ද සැකකරුවන් සොරකම් කර ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා කටුගස්තොට පොලිසිය විමර්ශන සිදු කරනවා.