Latest News

ස්වාමියාගේ පිහි පහරින් 36 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

පවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ස්වාමිපුරුෂයෙකු විසින් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් අක්මීමණ අංකොක්කාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක්.

අදාළ ඝාතනය සිදු කළ සැකකරු අක්මීමණ පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.