කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවක් ඝාතනය කෙරේ
කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ප්‍රදේශයේ කුඹුරකට ජලය හැරවිමට ගිය කාන්තාවකගේ හිසට පුද්ගලයෙකු විසින් ඊයෙ (03) රාත්‍රීයේ උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.
එම පහරදීමෙන් අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඊතල්වැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ජමාල්දීන් රහුමත් උම්මා නැමති විවාහක කාන්තාවක්.
කුඹුරට ජලය හැරවිමට ගොස් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, උදැල්ලෙන් පහරදී ඇත්තේ මියගිය කාන්තාවගේ සොයුරාගේ දියණිය විවහවී සිටින ස්වාමිපුරුෂයා බවත් ඔහු ඊතල්වැටුනවැව ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පෙදරේරුවෙකු බවයි.
ඝාතනය සිදුකළ සැකකරු සිද්ධියෙන් පසු ඊයෙ (03) රාත්‍රියේම කහටගස්දිගිලිය පොලීසියට භාරවී ඇති අතර ඔහු අද(04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කහටගස්දිගිලිය පොලීසිය විසින් සිදුකරනවා.