මහ මගදී එක් දරු මවගේ ගෙල කපා රන් මාලය කඩා ගනියි
අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ සිද්ධියක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ, ඉරුදෙණියාය – තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක්.
අදාළ කාන්තාව අද (04) පෙරවරුවේ පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතර තුර මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, ඉරුදෙණියාය තොළඹුඇළ ප්‍රදේශයේ දී ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හඳුනාගෙන ඇති බවත් එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවත් තොරතුරු අනාවරණයවී ඇති බවත්ය.
අදාළ ඝාතනය සිදුකළ අවස්ථාවේ අගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා ද වඩාගෙන සිට තිබෙනවා.
සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කාන්තාවක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අදාළ සැකකරු මේ වනවිට හඳුනාගෙන සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොල්පිතිගම පොලිසිය සිදුකරනවා.