සුරතල් සතෙකුගේ ජිවිතයක් රැකගන්න ගොස් දිවි අහිමිවූ දෙදරු මව
අසල්වැසි නිවෙසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහ කළ 45 හැවිරිදි කාන්තාවක් දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
පසුගිය (17) වනදා මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ,පොළොන්නරුව, කදුරුවෙල අංක 20 ලිපිනයේ පදිංචි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී නම් දෙදරු මවක්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
පසුව ඇයගේ වකුගඩු සහ අක්මාව වැනි ශරීර අවයව වෙනත් රෝගීන් තිදෙනකුගේ ජීවිත බේරාගැනීම සඳහා පරිත්‍යාග කළහැකි බව වෛද්‍යවරුන් විසින් රෝගියාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම පරිත්‍යාග කිරීමට ඔවුන් එකඟවී තිබෙනවා.