ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් 60% ගෘහස්ථ හිංසනයට ලක්වෙයි
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සිය දෙනෙකුගෙන් 60ක් පමණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හසු වන බව උතුරු මැද පළාත් ළමා අයිතිවාසිකම් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුහුණු උපදේශිකා ගංගානි දිසානායක මහත්මිය පවසනවා.
දිනෙන් දින වර්ධනය වන මත්ද්‍රව්‍ය උවදුරට පිරිමි පුද්ගලයන් ගොදුරු වීම මෙයට ප්‍රධානතම හේතුව බවයි එම මහත්මිය සඳහන් කලේ.
මෙම තත්ත්වයන් අවම කරගැනීමට ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරීන්ගේ දැනුම වර්ධනය කළ යුතු අතර මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති රීති දැඩි කර අපරාධවලට දඬුවම් වැඩි කළ යුතු බවද ඇය සඳහන් කළා.
ගංගානි දිසානායක මහත්මිය ඒ බව සඳහන් කලේ,ජාතික සාම මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන පොළොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ මැදිහත්වීමෙන් පැවති දිස්ත්‍රික්කයේ සිවිල් ප්‍රජා ක්‍රියාකාරීන් පිරිසක් අමතමින්.