Latest News

බන්ධනාගාරයට හෙරොයින් රැගෙන හා කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් රැගෙන එන ලද භාණ්ඩවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 217ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තාව විසින් සැකකරුට ලබා දීම සඳහා රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ,එදින මුරපොළේ රාජකාරී සඳහා යොදවා සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරින් විසින් කළ දැඩි සෝදිසියකදී යි.

මෙම කාන්තාව සැකකරු වෙත ලබා දීම සදහා රැගෙන එන ලද තුවායක දෙපස වාටියේ ඉතා උපක්‍රමශිලි ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන ඊයේ (16) පස්වරු 4.15 ට පමණ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

සැකකාර කාන්තාව එදින රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය ඉදිරි නීතිමය කටයුතු කිරිම සඳහා බොරැල්ල පොලිස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මෙහිදී බන්ධනාගාර මුලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කලේ,සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි.