Latest News

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ජනපතිගෙන් උපදෙස්

කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම සංසදයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (17)පැවති විශේෂ සාකච්ඡාවකදි යි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වෙනම ආයතනයක් පිහිටුවීමට සැළසුම් කරන ලෙසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ,ළමා හා කාන්තා කටයුතු සඳහා අවශ්‍ය සේවක පිරිස්වලට විදෙස් පුහුණුවක් අවශ්‍ය නම් ඒ සඳහා තානාපති කාර්යාල මගින් අවශ්‍ය කටයුතු සංවිධාන කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.