Latest News

පෙර විවාහක සැමියාගේ වෙඩි තැබීමෙන් කාන්තාවකට බරපතළ තුවාල

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ අද අලුයම (02) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බදුරලිය, අගලවත්ත, කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රලතා පත්මිනී නමැති 50 හැවිරිදි කාන්තාවක්.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ උදරය සහ පාද වලට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇයව මේ වන විට නාගොඩ මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ,මෙම කාන්තාවගේ පෙර විවාහක සැමියා බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.