කාන්තාවන් සඳහා “ජනනි” අද ආරම්භ වෙයි
බිම් මට්ටමේ දේශපාලනයේ නිරතවනු ලබන කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා කැෆේ සංවිධානය විසින් මෙහෙයවන “ජනනි” වැඩසටහන අද (09) ආරම්භ කිරීමට නියමිතයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ, දිවයිනේ තෝරාගත් පළාත් 5ක් කේන්ද්‍ර කරගනිමින් අද සිට අදියර 3ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
එම වැඩමුළුව ඌව, දකුණ සහ සබරගමුව මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි පළමු අදියරේදී ව්‍යාපෘතිය හඳුන්වා දීම සහ සමාජ මාධ්‍යවල වගකීම සහ කාර්ය භාරය පිළිබඳව මෙන්ම මාධ්‍ය සාකච්ඡා සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් දැනුවත් කිරීමට අපේක්ෂිත අතර දෙවන අදියරේදී අන්තර්ජාල හිංසනය හා ඊට මුහුණ දීම සඳහා අවශ්‍යය තාක්ෂණික දැනුම එම කාන්තාවන් වෙත ලබා දීමට නියමිතයි.
අවසන් අදියරේදී සමාජ මාධ්‍ය හා අන්තර්ජාල හිංසනයට අදාළ නීතිය පිළිබඳව දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.