එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ගිය මව අතුරුදන්
කොලොන්න සූරියකන්ද ප්‍රදේශයෙන් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) වනදා සිට අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, සූරියකන්ද ජී – ජී කොටසේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.
අදාළ කාන්තාව සිය සැමියා සහ පුත්‍රයා සමග වනාන්තරයට ඇතුල්වී එනසාල් කඩමින් වනාන්තරයේ ඇවිදිමින් සිටින අතරතුර දී මගහැරී ඇති බව එදින රාත්‍රියේ පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්.
එම පැමිණිල්ලෙන් පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශවාසින්ගේ සහයෙන් එම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ ද ඇය සොයා ගැනීමට නොහැකි වූ බව සූරියකන්ද පොලිසිය සඳහන් කළා.
මෙහිදී පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ, පොලිසිය කුරුවිට යුද හමුදා කඳවුරෙන් කළ ඉල්ලීමෙන් අනතුරුව යුද හමුදා සෙබළුන් විස්සකින් සමන්විත කණ්ඩායමක් පොලිසිය සමග එක්වී මව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.