තියුණු ආයුධයකින් පහරදී තිදරු මවක් ඝාතනය කරයි
ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී, තිදරු මවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ආරවුල විසඳීමට අදාළ කාන්තාව එම ස්ථානයට ගිය විට පළමු පාර්ශවය විසින් ඇයට තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඇය එම ස්ථානයේදීම මියගොස්ව තිබෙනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ,බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, වෑයිහේන ඈපා මාවතේ පදිංචි 46 හැවිරිදි චන්ද්‍රා නන්දනී මල්කාන්ති නැමැති කාන්තාවක්.
මියගිය කාන්තාවගේ පුතුන් දෙදෙනෙකුද මෙම ගැටුමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පිටිගල පොලිසිය විසින් සිදුකරනවා.