දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ දී කාන්තාවක් ඝාතනය කෙරෙයි
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 48 හැවිරිදි කොළඹ මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකාරිනියක්.
අදාළ කාන්තාව එහි ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය (29) වනදා රාත්රියේ එම කාන්තාව ඝාතනය කර ඇය සතුව තිබූ රන්මාල 3ක්,රන්මුදු 3ක් හා ජංගම දුරකථන 2ක් කොල්ලකා ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
එම කාන්තාව ඇයගේ 10 හැවිරිදි පුතු සමග නිදා සිටියදී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මේ අතර එම ආපන ශාලාවේ සේවය කළ සේවකයින් තිදෙනෙකු ද එම සිදුවීමෙන් පසු අතුරුදන්ව ඇති බව ද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලිසිය සිදු කරනවා.