Latest News

කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි අවශ්‍යයි – පා.ම නීතිඥ තලතා අතුකෝරල

කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඇය මේ බව සඳහන් කලේ, අධිකරණ පනත් කෙටුම්පත් පහක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී යි.

දැනට බන්ධනාගාරවල සිටින සිරකාරියන් වෙනම රඳවා තැබුවත් කාන්තාවන්ට වෙනම ස්ථාන වෙන් කිරීම වැදගත් බව එහිදී මන්ත්‍රීවරිය සඳහන් කළා.

එමෙන්ම බන්ධනාගාර සඳහා වෛද්‍ය මණ්ඩල පත් කිරීමේ දී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම සහිතව සිදුවීම වැදගත් බවද තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල මහත්මිය,

“බන්ධනාගාර ආඥා පනතේ නීති සංශෝධනය කිරීමෙන් සිරකරුවෝද මනුශ්‍යයෝය කියන එක තහවුරු කරන්න ඇමතිවරයා උත්සාහ කර තිබෙනවා. බෝනොවන සනීප කළ නොහැකි ලෙඩ හැදිලා ඉන්න ලෙඩුන් පවා බන්ධනාගාර තුළ ඉන්නවා.මේ සංශෝධන මගින් ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක් දාලා තිබෙනවා.එය සෞඛ්‍ය අධ්‍යක්ෂ නම් කරන වෛද්‍ය මණ්ඩලයක් විය යුතුයි.ඒ වගේම සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. දැන් ඇත්තටම බන්ධනාගාරය ගැන කතා කරන්න දෙයක් නෑ.ඇත්තටම දූෂිත වෙලා. ඒක මිනිසුන්ට සලකන්නේ නැති තැනක් කියලා තමයි මට කියන්න වෙන්නේ.”