Latest News

තියුණු ආයුධවලින් කළ පහරදීමෙන් මවක් සහ දියණියකට බරපතල තුවාල

තිස්සමහාරාම – පුංචි අකුරුගොඩ – දිල්ලිය ප්‍රදේශයේ දී එකම පවුලේ මව සහ දියණියට තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, 54 හැවිරිදි මවක් සහ 36 හැවිරිදි වියේ පසුවූ ඇයගේ දියණියයි.

පොලිසිය සඳහන් කලේ, අනතුරින් මවගේ එක් අතකට බරපතල කැපුම් තුවාල සිදුව ඇති අතර දියණියගේ හිසට ද බරපතල තුවාල සිදුව ඇති බවයි.

රෝහල් ගත කර සිටින සිය ස්වාමි පුරුෂයා බැලීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (23) මෙම පහරදීම සිදුව තිබෙනවා.

ජිප් රථයකින් පැමිණි දෙදෙනෙකු, ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය නවතා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලික ආවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බින්දු පොඩි නමැත්තා විසින් මෙම පහරදීම සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.