24 හැවිරිදි තරුණියක් ගෙල වැළලාගනී – මරණය සැක සහිතයි
මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එම කාන්තාව වාසය කරන නිවස ආසන්නයේ ඉඩමක තිබී ගෙල වැළලාගෙන මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.
කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට නිරීක්ෂණය වුවද මෘත දේහය පරීක්ෂා කිරීමේදී දක්නට තිබුණේ හිසේ බරපතළ තුවාල ඇති බවයි.
ඒ අනුව මරණය සැක සහිත බවත් ඊයේ (30) සවස් කාලයේ එම සිද්ධිය වාර්තා වූ බවත් පොලීසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ, ඉලුල්ලුකන්නිය උතුර ප්‍රදේශයේ පිදිංචි 24 හැවිරිදි තරුණියක්.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
මිහින්තලය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.