Latest News

අනියම් ඇසුරේ කෙළවර 60 හැවිරිදි පෙම්වතිය හා බිරිඳ සියදිවි නසා ගනියි

40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් හා අදාළ පුද්ගලයාගේ බිරිඳ එකම දිනක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගැනීමට උත්සහ කළ පුවතක් කළුබෝවිල රෝහලෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන 60 හැවිරිදි කාන්තාව සියදිවි නසා ගැනීමට ගිය අවස්ථාවේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම එම පුද්ගලයාගේ නිත්‍යානුකුල බිරිඳ වන 32 හැවිරිදි කාන්තාව සිය නිවසේදී ගෙලවැලලා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් රෝහල් ගත කොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනාම පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

60 හැවිරිදි කාන්තාවගේ සැමියා මීට වසර 15කට පමණ පෙර මියගොස් ඇති අතර ඉන් පසු එම කාන්තාව මෙම පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ නමුත් එම කාන්තාව ඇය සතු සියළුම දේපළ සිය පෙම්වතා හට පවරාදී ඇති බව පැවසෙනවා.

සිය පෙම්වතා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ හොර රහසේම විවාහ වී ඇති බවට සැලවීමත් සමඟ එම ප්‍රදේශයට ගොස් තොරතුරු විමසා බැලීමේදී සිය පෙම්වතා පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට ඇයට හැකිවී තිබෙනවා.

එහිදී සිත් තැවුලට පත් මෙම කාන්තාව නිවසේ සිටි මෙහෙකාරිය නිවසින් පිටතට යවා ඒ අතරතුර සිය නිවසේදී ගෙල වැලලාගෙන තිබෙනවා.

සිය පෙම්වතා අමතා ලියන ලද පිටු ගණනාවකින් සමන්විත ලිපියක් මළ සිරුර අසල තිබූ බව මරණ පරීක්ෂකවරයා පවසනවා.

තමා විවාහ වී ඇත්තේ, 60 හැවිරිදි කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා සිටි පුද්ගලයෙකු සමඟ බව සැලවීමෙන් ඔහුගේ බිරිඳ සිය නිවාස තුලදී සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබෙනවා.

කෙසේ නමුත් ඇය මරණයෙන් බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකිව තිබෙනවා.