සියදිවි හානි කර ගැනීමට ගඟට පැන්න කාන්තාවගේ දිවි බේරා ගැනේ
අම්බලන්තොට පාලමෙන් වළවේ ගඟට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ඔරුවක යමින් සිටි පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.
අදාළ පුද්ගලයා සඳහන් කලේ, කාන්තාව බේරාගැනීමට ආධාරක කිහිපයක් දැමුවද කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන් ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ගොඩබිම වෙත පැමිණි බවයි.
මෙලෙස කාන්තාව ගඟට පැන්න ස්ථානය කිඹුලන්ගෙන් ගහන ස්ථානයක් බව ප්‍රදේශවාසීන් පවසනවා.
අදාළ කාන්තාව මෙලෙස ගඟට පැන ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරාගත් කාන්තාව ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්තොට පොලීසිය විසින් සිදුකරනවා.