ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂි කාන්තාවන් හතර දෙනෙකු ඇගයීමට
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත් වුණා.
එහි තේමාව වුයේ ඇය දැයේ අභිමානය යන්නයි.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් මෙම උත්සවය සංවිධාන කර ඇති අතර ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දුන් සුවිශේෂි කාන්තාවන් හතර දෙනෙකු ඇගයීම මෙහිදී සිදු කෙරුණා.
ඒ අනුව ප්‍රවීන ගායන ශිල්පිණි විශාරද සුජාතා අත්තනායක, ප්‍රවීන රංගන ශිල්පිණි ශ්‍රියානි අමරසේන, ප්‍රවීන ලේඛිකා අනුලා ද සිල්වා මෙන්ම දෙඅත් හා එක් පාදයක් අහිමිව තිබියදීත් තම එකම පාදයෙන් ලියමින් අධ්‍යාපනයේ ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙහිදී ඇගයීමට ලක්වී තිබෙනවා.
එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් සාර්ථක ව්‍යවසායකයින් ඇගයීමද මෙහිදී සිදු කර තිබෙනවා.
මේ අතර සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලාංකීය කාන්තාව, රටේ ආර්ථිකයට වෘත්තිය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මෙරට ජනගහණයෙන් අඩකටත් වැඩි ප්‍රතිශතයක් වන කාන්තා නියෝජනය, ලොව සංවර්ධිත රටවල සමාජ සංවර්ධන දර්ශක අතරට පැමිණ සිටීම සතුටට කරුණක් බවයි.
කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට රජය තවදුරටත් කැපවී සිටිනවා.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියා.
ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් දක්වා තිබෙනවා.