ලෝක හෙද දිනය අදයි…
ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටින්ගේල් මහත්මියට සිදු කරනු ලබන ගෞරවයක් වශයෙන් මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ, 1899 දී පිහිටවූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනුවයි.
විධිමත් හෙද සේවාවක් ආරම්භ වීමත් සමග 1939 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ද හෙද දිනය සමරන්නේ හෙද පරපුරට කරනු ලබන ගෞරවයක් ලෙසයි.
රාජකාරිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවත්වලින්, මෙරට සිටින 36,000 ක් පමණ වූ හෙද හෙදියන් සිය කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ විවේකයක් හෝ නොලබායි.
මෙවර හෙද දිනයේ තේමාවල හෙදියකගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වෘත්තීය අයිතීන්ට ගරු කිරීම තුළින් ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා හෙදියගේ නායකත්වයේ හඬ අවදි කරමු යන්නයි.
දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් කැප වී සේවය සලසන හෙද සේවකයින් සියලුදෙනාටම අපගේ ආචාරය…