Latest News

සිවි හැවිරිදි දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් පොතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් වාර්තාපොතට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයස අවුරුදු 4ක් වූ සයීඩ් රෂීඩ් අල්මිරි නමැති මේ දරුවා විසින් රචිත The Elephant Saeed and the Bear කෘතියට එම වාර්තාව හිමිවී තිබෙනවා.

එම කෘතියෙහි පිටපත් දහසකට වඩා අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

සයීඩ් රෂීඩ් ලේඛක පවුලකින් පැවත එන දරුවකු වන අතර, ඔහුගේ වැඩිමහල් සොහොයුරියක වන අල්ඩාබි භාෂා ද්විත්වයකින් පොතක් ලියා පළ කළ ලොව ළාබාලතම ලේඛිකාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන බව වාර්තා වනවා.

එම වාර්තාව පිහිටුවීමෙන් වසරක් ගත වීමට පෙර ඇය භාෂා ද්විත්වයකින් කතාමාලාවක් ලියා පළ කළ ලොව ළාබාලතම ලේඛිකාවගේ ගිනස් වාර්තාවටත් හිමිකම් කී අතර, ඒ වනවිට ඇගේ වයස අවුරුදු 8ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.