මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් නෙත්මි අහිංසා දිවයිනට
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්මක් දිනා දීමට සමත්වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හා මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එක්ව සිටියා.
නෙත්මි අහිංසා (18) විසින් පසුගිය (05) වනදා 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් පරාජයට පත්කොට, ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
ඇය විසින් ජයග්‍රහණය කළ ලෝකඩ පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම ලෙස වාර්තා අතරට එක්වනවා.
දිවයිනට පැමිණි නෙත්මි අහිංසා මාධ්‍ය වෙත් අදහස් දක්වමින් සඳහන් කලේ, මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින් ලංකාවට පළමු වතාවට පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජනය කරමින් පදක්කමක් ගෙන ඒමට හැකි වීම ගැන සතුටු වන බවයි.
මේ අතර ආර්ථික අපහසුතා මැද රට වෙනුවෙන් පදක්කමක් දිනා ගත් නෙත්මි වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ අදහසක් මත මනුසත් දෙරණ නෙත්මි අහිංසාට නව නිවසක් ලබා දීමට හා ඇයගේ ක්‍රීඩා කටයුතු හා පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට මතුදෙරණ ඉදිරිපතිවී සිටිනවා.