Latest News

ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ගයන ප්‍රථම ශ්‍රී ලංකික ගායිකාව

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඉන්දීය සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට ඊයේ (29) දිවයිනෙන් පිටත්ව ගියා.

එහිදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ට සුබ පැතුම් එක්කර තිබුණා.

කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයට පත්කළ යොවුන් තාරකාව අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රෑම්හි පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

මෙම සංගීත ප්‍රසංගය අද (30) දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය සිදුකරනු ලැබුවේ, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගම විසින්.

එමෙන්ම යොහානිගේ දෙවන සංගීත ප්‍රසංගය ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට පැවැත්වීමට සැලසුම් කර ඇත.