Zee Cine හොඳම නිළිය ආලියා භාට්
ඉන්දියාවේ දැවැන්ත සම්මාන උළෙලක් වන Zee Cine සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (26) මුම්බායි හිදී පැවැත්වුණා.
එහදී ‘ Gangubai Kathiawadi ‘ චිත්‍රපටය වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ‘ආලියා භාට්’ දිනා ගනු ලැබුවා.
එමෙන්ම ප්‍රේක්ෂකයින්ගේ තේරීමට අනුව හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානයද ‘ Darlings’ චිත්‍රපටය වෙනුවෙන් ‘ආලියා භාට්’ හට හිමිව තිබෙනවා.
මේ අතර වසරේ රංගන ශිල්පිනිය සම්මානය ‘කියාරා අද්වානි’ දිනා ගනු ලැබුවා.
ඒ, Jugjugg Jeeyo සහ Bhool Bhulaiyaa යන චිත්‍රපට වෙනුවෙන්.
එහිදී ‘Goodbye’ චිත්‍රපටය වෙනුවෙන් ‘රශ්මිකා මන්දනා’ විසින් Best Debut සම්මානය හිමිකර ගත්තා.