News

අ.පො.ස. උ.පෙ. විභාගයේ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ගන්නා දරුවන්ගේ නම් හෙළි නොකෙරේ

අ.පො.ස. උ.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරී‍ම්දී විෂය ධාරාවන්ගේ වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් ප්‍රකාශ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

සිසුන් අතර ඇතිවන තරගකාරීත්වය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ. සමස්ත ලංකා සහ දිස්ත්‍රික් මට්ටමින් ස්ථාන හිමිකර ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් පාසල්වලට පමණක් දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එහෙත් පාසල් විදුහල්පතිවරුන්ද එම ස්ථාන ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැදුන්ම දී ඇත.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන 31 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.