News

අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ප්‍රතිඵල මුලින්ම විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට නිකුත් කරන බවයි.

කමිටු තුනක් විසින් ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ඊයේ (26 වැනිදා) සිදු කර ඇත.

මෙලෙස ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ මහාචාර්යවරයකුගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් මගිනි.

මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්විණි.

ඒ මධ්‍යස්ථාන 2678 කදීය. පෙනී සිටි අයැදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්හත්දහස් හත්සිය හතරකි.