News

අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාරගැනීම ලබන 12 වන දා දක්වා

2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 12 වන දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් හා පෞද්ගලික අයැදුම්කරුවන් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ද ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අයැදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට යොමු කළ යුතු ය.

මේ අතර 2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන්ට අද පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සෙසු පාසල්වල හා පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන අද (29) තැපෑලට යොමු කිරීමට නියමිත ය.