News

අකුරැස්සේදි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් සැප්. 25 දක්වා රිමාන්ඩ්

අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකළ සහ පානදුර පොලිස් ස්ථානයේ ටී 56 ගිනිඅවි දෙකක් සොරා ගැනීමට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරුවන් අතර පානදුර යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකු ද වේ.

මෙම සැකකරුවන් අතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තැබූ බවට සැක කරන සැකකරුවන් 3 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.