අගමැති ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
ලබන 12 වැනි දා පෙරවරු 9.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු බවට දන්වමින් අද සවස සිතාසි නිකුත් කර ඇත.
එම නියෝගය ෆැක්ස් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයටත්, අරලියගහ මන්දිරයටත් යොමු කර ඇති අතර හෙට එය ගෙන ගොස් භාරදීමට ද නියමිතව ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවනු ලැබේ.
