අගමැති මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
2019 වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ අද (21) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීමටයි මෙලෙස අතුරු සම්මත ගිණුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.