News

අගමැති මහින්දට වෙඩි නොවදින අලුත් වාහන ඇණවුම් කළේ නැහැ – අගමැති මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ප්‍රචාරය වන කතාබහ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධය ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කර ඇත්තේ විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ප්‍රචාරය වන බවයි.

එම ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සදහන් කර තිබෙනවා.

එමෙන්ම අගමැතිවරයා වෙනුවෙන් මේ මොහොත වන විට අලුත් වාහන ඇණවුම් කර නොමැති බව එම නිවේදනය මගින් වැඩිදුරටත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් දන්වා තිබෙනවා.