News

අගමැති රනිල් දිවයිනට

දෙදින නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ අද දහවල් 11.30ට මාලදිවයින මාලේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.

පසුගිය 02 වැනිදා අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 13 දෙනෙකු මාලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ මාලදිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සාලි මහතාගේ ආරාධනයකට අනුවයි.