අගමැති රනිල් නැවතවරක් ව්‍යවස්ථාව උල්ලංඝණය කළා – අනුර කුමාර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතවරක් ව්‍යවස්ථාවක උල්ලංගණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරුන් ලෙස පත් කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවයි අනුර කුමාර පෙන්වා දුන්නේ.
ජාතික ආණ්ඩුවක් නොමැතිව කිසිසේත්ම කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට 35දෙනෙකුගේ නම් ජනපති යැවීම ව්‍යවස්ථාව අගමැති විසින් උල්ලංඝණය කර ඇති බවයි අතුරු සම්මත ගිණුම විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.