අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව ඇත.
අද පස්වරු 2 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
