News

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද ජනපති කොමිසමට

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද (06) කැඳවා තිබේ.

ඒ, කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ කරුණු විමසීම සඳහාය.

ඔහු මීට පෙර කොමිසමේ පොලිස් ඒකකය හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය.