අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබද සෙවීමට විශේෂ කමිටුවක්
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබදව සොයා බැලීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය උපදසේ පරිදි විශේෂ පරීක්ෂණයක් සිදු කිරිමට ත්‍රීපුද්ගල කමිටුවක් පත් කර ඇත.
ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 21 වන දිනට පෙර තමන්ට ලබා දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී ඇත.
මෙම පහරදීම 2018.11.22 වන දින සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා තලතා අතුකෝරළ අමාත්‍යවරිගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රීපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
එම කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යවරිය සඳහන් කර ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.