News

අඟුලානේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අද (22) අළුයම 3.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව මොරටුව පොලීසිය සදහන් කළේය.

ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 12ක් යොදවා තිබූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්නෙන් මහල් 4කින් යුත් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

මොරටුව පොලීසිය මෙම ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.