News

‘අත’ යන අත හෙට හෙළි වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවන්නේද, එසේ නොමැති නම් වෙනත් අපේක්ෂකයකුට සහාය දීම හෝ තනිවම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක අවසන් සාකච්ඡාවක් හෙට (30 වැනිදා) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී පැවැත්වේ.

පසුගිය සිකුරාදා (27 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම පිළිබඳ 30 වැනිදාට අවසන් තීරණය කරන බවයි.

චමින්ද සේනාරත්න