අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් යළි රිමාන්ඩ්
අධිකරණ නියෝග කඩකල චෝදනාවට අත්අඩංගුවට ගත් හිමිවරු දෙදෙනා ඇතුලු සරසවි සිසුන් 22 දෙනා මාර්තු 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.
අද(02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළද සත්යග්රහ ව්‍යාපාරය පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව දැක්වෙන අධිකරණ නියෝගය සැකකරුවන් විසින් ඉරා දමා ඇති බවත් ඔවුන්ට ඇප ලබා දුනහොත් නැවතත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍ය ග්‍රහ ක්‍රියාවල නිරත වීමට ඉඩකඩ පවතින බවත් මෙහිදී පොලීසිය පෙන්වා දුන්නේය.
අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම වැරදි සහගත ක්‍රියාවක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම අවස්ථාවෙහි සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
