අත්අඩංගුවට ගෙන සිටින සුදු වෑන් රියදුරන් දෙදෙනා හෙට අධිකරණයට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඔවුන් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගැනීමේ සිද්ධීන් පිළිබදව මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේය.
