News

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම

නව කොරෝනා වෛරස තත්වයෙන් දැඩි අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ / ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්වල ජනතාවට අදාල ප්‍රදේශ වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ගොස් අලෙවි කිරිමට රජය තොග වෙළඳ සමාගම් වෙත දැනුම් දී තිඛේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ,  ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.