රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා
රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගිය බවට වාර්තා වූ දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලස්මුල්ල – මැදගම්ගොඩ රක්ෂිතයකදී පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එලෙස පුළුස්සන ලද ශරීර අස්ථි කොටස් සහ දත් කැබලි කිහිපයක් අදාළ රක්ෂිතයේ තිබී හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
මේ අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරුකර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියාකර තිබෙනවා.
එම පිරිස අතර කාන්තා පොලිස් කොස්තාපල් හා සැරයන්වරියක ද සිටින බව පැවසෙනවා.
මෙම පැහැර ගැනීම වූ දින එම ඒකකයේ රාජකාරී වාර්තා කළ පොලිස් නිලධාරීන් 15 දෙනාම එසේ මාරුකර යැවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.
මෙම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කෙරුණා.
ඊට අමතරව තවත් උප පොලිස් පරික්ෂකවරයකු ද දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න සිදුකරමින් පවතිනවා.