News

අද 1ට පාර්ලිමේන්තුව රැස්වෙයි

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ක්‍රමෝපාය සංවර්ධනය පනත යටතේ නියමක් විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ අතර අද පෙරවරුවේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී දැනට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් ව තිබෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.