News

අද පස්වරු 1.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 1.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර ප්‍රදේශයට යන ප‍්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 13 සහ 15 යන ප්‍රදේශ වලට අඩු පීඩනයකින් ජල සැපයුම ලබා දෙන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.