News

අද පස්වරුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතය.

අද දිනයේ මන්ත්‍රීවරුන් කොටසක් දිවුරුම් දීමට නියමිත අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40 නොඉක්ම විය යුතුය.

ඒ අනුව අද (21) දිනයේ සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර, කරුණාරත්න පරණවිතාන, හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, විජයකලා මහේෂ්වරන්, නිරෝෂන් පෙරේරා, අලි සහීර් මවුලානා, අනෝමා ගමගේ, වඩිවෙල් සුරේෂ්, අමීර් අලි, අශෝක් අබේසිංහ, වසන්ත අලූවිහාරේ, රංජිත් අලූවිහාරේ, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

එම දිව්රුම් දීම් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවීමට නියමිත අතර ඒ සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවට ආරංචිමාර්ග සඳහන් කරයි.